Friday, June 21, 2013

ලොල්ද මන්දා I - කළු ෂර්ට් කාරයාගේ රහස......

කෙටිම කෙටි ලොල් කතා වලට අන්තිමට ලියපු සටහනේදී (අර නයා තොතපු එක) සමහරුන්ට ඒකෙ හිනා යනවා මදි කියලා කිව්වා. ඒකට හේතුව තමයි සමහර කතා වල තියෙන රසය වචන වලින් විස්තර කරන්න බැරි කම. ඒ නිසා මම හිතුව "ලොල්ද මන්දා" කියන හිසින් ඒ වගේ කතා ලියන්න. මේ කතාවත් ඒ වගේ එකක්. 

මේක වුණේ වසර 2000 ලැබුව ගමන්ම් වගේ. හැමෝටම මතක ඇති Y2K ප්‍රශ්නේ. ඒකට බැංකු විදියට අපි ගොඩාක් බයෙන් හිටියේ. මොකද බැංකු වල සිද්ද වෙන හැම ගනුදෙනුවකටම දිනය වැදගත් නිසා. ඉතින් අපේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ කණ්ඩායම් වශයෙන් බෙදලා ප්‍රාදේශීයව ස්ථානගත කරා යම් ගැටළුවක් ඇති වුනොත් ඒවාට මුහුණ දෙන්න. මාව මේ ක්‍රියාන්විතයේදී යොදවලා තිබුනේ අනුරාධපුරයේ. 

මම ඇතුළු කණ්ඩායම නතර වෙලා හිටිය හෝටලයට 2000 ලැබුවත් එක්කම කළු ෂර්ට් ඇඳගත්තු කොන්ඩේ බැඳපු කණ්ඩායමක් ආවා. පළවෙනිදා හවස තමයි ආවේ. කළු පාට පෙට්ටි වගයකුත් බෑවා. දැන් අපිට හිතා ගන්න බෑ මේ කොන්ඩ කාරයෝ කවුද කියලා. ඒ අතරින් ඉන්න අය අපෙත් එක්ක හිනා වුනත් අපේ කට්ටිය හිනා වෙන්නවත් ගියේ නැත්තේ මොන ජාතියේ මිනිස්සුද කියලා දන්නේ නැති නිසා. අනිවාර්යෙන්ම කොළඹ ඉන්න රස්තියාදු ටීම් එකක්ද කොහෙද කියන එක තමයි අපි කථා වුණේ. 

"මම හිතන්නේ කැලිප්සෝ මියුසික් කාරයෝ සෙට් එකක්" එහෙම කිව්වේ අපෙත් එක්ක ගිය ඩ්‍රයිවර් ජපන් බට්ටා.

"ඒත් එහෙම වුණා නම් ඊයෙනේ එන්න තිබ්බේ" මම කිව්වා. මොකද 2000 ලබනවත් එක්කනේ මියුසික් කරන යට වැඩ තියෙන්න තිබ්බේ. 

"මොක්කු වුණත් අපිට මොකද? අපි යමු බං නිදා ගන්න" එහෙම කිව්වේ අපි අතර ඉන්න කම්මැලියා සම්පත්. 

මේ අයව ගණන් ගන්නේ නැතිව අපි හතර දෙනා අපේ කාමර වලට ගිහින් නිදා ගත්තා. මම කවදත් උදෙන් නැගිටිනවා. මේ කියන දවසේ උදේ මම නැගිටලා උදේට ටිකක් ව්‍යායාම කරන්න හිතාගෙන සුදානම් වුණත්, තවම ඒ හෝටලයේ සේවකයන් අවදි වෙලා නැති නිසා අපේ කාමර තියෙන කොරිඩෝව දිගේ සක්මන් කර කර හිටියේ. මේ එක්කම මගෙත් එක්ක ගිය ලිහිනිකඩුව  කියන මගේ මිත්‍රයාත් ආවා. 

දැන් වෙලාව උදේ 6.30 විතර ඇති. අපි දෙන්නා කථා කර කර ඉන්න තැනට අර කොන්ඩේ බැඳපු අයගෙන් ටිකක් විකට පාට එකෙක් ආවා. අපි දෙන්නා නොදැක්ක ගානට අපේ කතාව කරගෙන ගියා. ඒත් අර කොන්ඩයා මට අතින් කථා කරා. කොච්චර රස්තියාදුකාරයෙක් වුනත් තිබුණේ බොහොම බයාදු පෙනුමක්. මමත් පුරුෂ දෛරිය අරගෙන භය නැතිව ගියා කොන්ඩයා ලඟට. මිනිහා මගේ කණට කරලා රහසින් අහනවා

"සර්, මේ හරියේ පරවියෙක් හොයා ගන්න තැනක් නැද්ද ?" කියලා

"පරවියෙක්. පරවියෙක් මොකටද මේ උදේ පාන්දර. පරවියෝ ඇති කරන්නේ කොළඹ පැත්තේ මිනිස්සුනේ" කියල මම මහා හයියෙන්ම කිව්වා.

"ස්.... ස්... කෑ ගහන්න එපා සර්. අපි ගෙනාපු පරවියා මගේ අතින් පැනලා ගියා. අපේ ලොක්කට ඇහුනොත් ඉවරයි"

"හරි ඉතිං කියන්නකෝ මොකටද කියලා"

"අපි අද මැජික් ෂෝ එකක් කරනවා සෙන්ට්‍රල් කොලේජ් එකේ. ඉතිං පරවියා නැතිව කොහොමද මැජික් එක කරන්නේ"
පින්තුරය ගත්තේ : http://www.clker.com

ඇත්තටම "පරවියා නැති වෙච්ච මැජික් කාරයා" කියන්නේ "නයා මැරිච්ච අහිකුන්ටිකයා" වගේ තමයි. ඉතිං මේ කතාව අපේ ඔෆිස් එකේ කිව්වහම නම් කිහිප දෙනෙක් බඩ අල්ලාගෙන හිනා වුණා. ඔයාලටත් හිනා යනවද බලන්න.


52 comments:

  1. මේනනම් සිරාවටම හිනා යනවා සුදීක. අන්තිම උපහැරනේ තමා මරු. පරවිය නැතිවෙච්ච මැජික් කාරයා වගේ. හික්ස්..

    ReplyDelete
    Replies
    1. අද පාන්දරම ඔෆිස් වාර්තා කලාද? නැත්නම් එන ගමනද ?

      Delete
  2. මටනම් හිනාගියෙ මැජික් කාරයින්ව අදුනගන්න බැරිඋන එකට . උන් හැංගිලද මැජික් කලේ

    ReplyDelete
    Replies
    1. යකෝ වාහනෙන් බහිනකොට කොහොම අදුනගන්නද උන් කවුද කියලා.

      Delete
    2. ඔය Y2k ප්‍රශෙන් දවස්වල හෝටල්වල නැවතිලා නිදිමරාගෙන තමයි IT කස්ටිය උන්නෙ ඉතින් හෝටලේ බදු අරගෙන වගේ තමයි සේවක සේවිකාවන් හොඳට පුරුදුයි . යන එන අය ගැන හුඟවෙලාවට් සේවක සේවිකාවන්ගෙන් අප්ඩේට් ලැබෙනවා

      Delete
    3. එහෙම අප්ඩේට් වෙන්න වෙලාවක් තිබුණේ නෑ ජෝන් ඒ දවස්වල. අපි පොඩ්ඩක් කලබලෙන්නේ ඒ දවස් වල හිටියේ.

      Delete
    4. අපිත් ඒදවස්වල මූට්ටු කරගෙන වැඩ

      Delete
    5. අපි ඔය ගමනේදී නතර වුණ තුන් වෙනි තැන ඔය හිටියේ.

      Delete
  3. මටනම් හිනාගියේ නෑනෙ..

    ඔය ලොල් කියන්නෙ ඉංග්‍රීසි ලොල්ද ? සිංහල ලොල්ද ?

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි ලොල් (LOL). ඒක තම ලෝල්ද මන්දා කියලා අලුත් කැටගරියක් පටන් ගත්තේ.

      Delete
  4. ලොල් නෑ...:D:D

    මේ ලඟදි මම හොඳ උපමාවක් දැක්කා. 'අශ්වයා මැරුණු කව්බෝයි කෙනෙක් වගේ' කියලා.

    ReplyDelete
    Replies
    1. හෙක් ... හෙක් ...

      Delete
    2. අප්පෝ ඕක පරණ උපහැරනයක්

      Delete
    3. එතකොට මැෂින් එක කැඩිච්ච ටේලර් වගේ !!!

      Delete
    4. මේක කොහොමද "Password නැති System Administrator වගේ "

      Delete
  5. මොකෝ නැත්තෙ ලොල් තමා, අයියෙ සමහර කතා ලිව්වට ලොල් ගතිය දැන්නෙන්නෙ නෑ. හැඩ වැඩ කරල කටින්ම කිව්වම තමයි ලොල්. ආදරේත තොතපු එකත් එහෙම තමා..

    සමහර ජෝක් සමහරුන්ට තේරෙන්නෙ නෑ අයියෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා. Imagine කරලා බලන්න ඕනේ.

      Delete
  6. හික් ..හික්.. පරවියා නැතුව කොහොමද පරවියෙක් මවන්නේ නේද ?

    මම පුංචි කාලේ මැජික් සංදර්ශනයක් බැලුවා එකේ හිටිය මැජික් කාරයා තොප්පියක් ඇතුලෙන් හාවොයි , පරවියෝයි , සුදු මියෝ වගේ සත්තු මවනවා දැකලා මම හිතුවේ මේක සිරාම වැඩක් තමයි කියලා.. පස්සේ ලොකුවෙලා මැජික් කාරයෙක් වෙන්න මම ෆුල් ට්‍රයි කළා. ඒ වෙනුවෙන් ගත්ත මැජික් පොත් නම් තමාත් තියෙනවා ගෙදර පුස් කකා ..

    ReplyDelete
  7. mata hina yane.."oyala magic karyanta bayawela,,eyala oyalta bayawela.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. හෙක් .. හෙක් ...

      Delete
    2. සංජීව: ඇත්තටම අනුරාධපුර පැත්තේ පරවියෝ නැද්ද ?

      Delete
    3. අපෝ ... ඉන්නවා
      වෙනොදන්සය්ක් විදහට ඇති කරනව

      Delete
  8. ඇත්තටම ඇයි ඕකට පරෙවියෙක්ම ගන්නෙ වෙන කුරුල්ලෙක් ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ පැස්බරෙක් වගේ එකෙක්ද ?

      Delete
    2. ප්‍රසන්න කියන්නෙ මයිනෙක් වගෙ කුරුල්ලෙක් ගැන වෙන්න ඇති.

      Delete
    3. පැස්බරෙක් උනත් අවුලක් නෑ. හැබැයි ඌව මවන්නනං කන්ටේනර් පෙට්ටියක්වත් ගන්න වෙයි.

      Delete
  9. අපරාදේ තව ටිකක් බය කරලාම එන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. ඒකගේ මුණ දැක්කනම් දුක හිතෙනවා.

      Delete
  10. අරක මාර උපහැරණේ. සිරා කතාව සුදික. මේකේ දේශපාලනික වටිනාකමකුත් තියෙනවා. මාතලංට අහුවෙයි.

    ReplyDelete
  11. :D හෙක්, ඇත්තනේ හත්වලාමේ, ඕක ප්‍ර‍ස්ථාපිරුළක් වගෙත් ගන්න පුළූවනි.. :D

    ReplyDelete
    Replies
    1. පරවියා නැති මැජික් කාරයා :)

      Delete
    2. මම Y2K වලට බය වෙලා හිටියේ. ඒ කතාවත් ලියන්න වටිනවා.

      Delete
  12. ස්ත්තුඉ ලංකාප්රිය් අය්යා, සෙන්නා
    ජයවේව .

    ReplyDelete
  13. කොණ්ඩයට කියන්න තිබුනෙ හාල් මිටක් හරි,පාන් භාගයක් හරි අරන් ස්ටේෂම ලගට යන්න කියල.

    ReplyDelete
    Replies
    1. කොහොම වුණාද මැජික් එක කියලයි මම කල්පනා කලේ. ලොක්කා තොප්පිය අතගාලා මෙන්න පරවියා කියලා එලියට ගත්තම මුකුත් නැති වුනොත් ?

      Delete
  14. ඒකත් මරු ප්‍රස්ථා පිරුලක් නේ...
    ඒ මනුස්සයා කොහොම මැජික් පෙන්නුවද දන්නෙ නෑ..

    ReplyDelete
  15. ආ..පුරේ පරවියෝ නෑ කියන්න එපැයි!!!

    ReplyDelete
    Replies
    1. මල්ලි ..අනුරධපුරෙන් පස්බරෙක් හරි දෙනම්

      Delete
  16. එහෙනම් පරවියා නැතුව මැජික් වැඩක් කරන්නම වෙනවා. මැජික් පෙන්විමත් පොඩි මැජික් එකක් නේ

    ReplyDelete
    Replies
    1. අපි හිතන් හිටියේ මැජික් කාරයන්ට ඕන දෙයක් මවන්න පුළුවන් කියලානේ. බැලුවම ඔවුනුත් අසරණ වෙනවා.

      Delete
  17. පරෙවියා නැති කරගත්ත බව ලොක්කා දැගත්තාම මුගේ දත් ටිකබඩට යවයි. ඊට පස්සේ ලොල් ලොල් කියලා කතා කරයි

    ReplyDelete
  18. ලොල් ම තමයි.. අයියෝ මගේ බඩ..

    ReplyDelete
  19. මැජික් ෂෝ එක හබක් වුණාද දන්නෑ :)

    ReplyDelete

කියන්නට කිසිත් නැතිනම්, ඔබ ආ බවට සටහනක් තබා යන්න.
කමෙන්ට් වලින් ලින්ක් දාන්න
< a h r e f = " ලි න් ක් එ ක " > න ම < / a >

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...